ජනතාව පවතින තත්ත්වයට මුහුණ දෙන්නේ කෙසේද.
අත් පා බැඳ දියේ පිහිනන්න කියන්නේ ද පිහිනිය හැකි ද.
කාගේ වුවමනාව ඉටුකරනවා ද අපි දනිමු.
නමුත් ඉන් මුදවා ගැනීම ඉතා වැදගත් වේ.
ඒ සඳහා උපායමාර්ග ක්‍රියාත්මක කිරීම අපගේ විශ්වාසය
නමුත් ඒ සඳහා මැදිහත් නොවන්නේ කුමන පදනමක්ද මේ රටේ ප්‍රධාන ප්‍රශ්න විසඳා ගැනීමට බුද්ධියක් ඇසුරින් නිර්මාණය කරන විසදුම් සොයා කටයුතු කිරීම.
අරගලය අර්බුදය හමුවේ විසදුම් නොවේ..... විවේචනය කිරීම අවුරුදු 70 ගණනක් තිස්සේ කරමින් සිටිති... හැම එකාම අනෙක් හැම එකාවම විවේචනය කරති... ඒත්, රටේ විරැකියාව, දුප්පත්කම හා බඩගින්න දවසින් දවස වැඩි වෙන එක ගැන ඒ දේශපාලනය ගැන කතා කරන කිසිවෙකුට කැක්කුමක් ඇත්තේ නැත... ඒ ප්‍රශ්නවලට ඇති විසදුම ගැන හිතන්නට උවමනාවක් නැත්තේ පාලකයන්ට පමණක් නොවේ... අර දුප්පත් කම තුල ගිලී සිටිමින් දුක් විදින දුප්පතුන්ටද උවමනාවක් ඇත්තේ නැත... ඔවුන් සියළු දෙනාම බලා සිටින්නේ කවුරුන් හෝ තමන්ට ආදායම් මාර් ගයක් හෝ වෙනත් විසදුමක් ලබා දෙනු ඇත කියාය... වසර හැත්තෑ ගණනක් තිස්සේ එය සිද්ධ නොවුනු බව හා ඉදිරියටත් එය සිද්ධ නොවන බව වටහා ගන්නට හැකියාවක් නොමැති වීම මේ මිනිසුන්ගේ හා ඔවුන්ගේ දරුවන්ගේ අවසනාව හැර වෙන කුමක්දැයි අපට නොවැටහේ දේශපාලන පක්ෂ .
අවුරුදු 70 ක් තිස්සේ විවේචනය සහ උද්ඝෝෂණ පමණක් කරමින් සිටිති දුප්පත්කම ඇති වීමට හේතු සොයා ගැනීමට කිසිදු දේශපාලන පක්ෂයකට උවමනාවක් නැත. මෙම තත්ත්වය අද හිගන්නන් බවට පත් වී සිටින රටවල් වල තිබුනි යෙමනනය.ලෙබනනය
ඉතියෝපියාව.ඝානාව.ඇතුලු රටවල් 30 නැවත ගොඩ නැගීමට නොහැකි අවස්ථාවකට පත් වීමට පෙර මෙවැනි තත්ත්වයකට පත් වී තිබුණි! නමුත් එහි ජනතාව ප්‍රශ්නය පිළිබඳ අධ්‍යයනය නොකිරීම විග්‍රහ කර නො ගැනීම නිසා අද එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් යැපෙන හිගන්නන් බවට පත් වී ඇත සත්‍ය මෙයයි.